Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Friday, December 19, 2014

ඔහු එන තුරා...


දොරකඩට වී... 
ඇණ තියාගෙන... 
කම්මැලි බැල්මකින්, ඒත් ආසවකින්... 
හැමදාම ඈ බලන් හිටියා... 
ඒ ඉතින් ඔහු එන තුරා... 
ගැහෙන මුදු ඒ පුන්චි හදවත... 
මහ පොලොව උඩ තබා වැතිරී... 
හැමදාම හිරු බහින යාමෙට... 
බලන් ඉන්නව එන තුරා...
අදත් නෑ තව, බියැති බැල්මක්...
නිතර ඇති සිය රවුම් දෑසින්...
අදත් වෙනදා පුරුදු තැනෙහිම...
ඈ හිදියි ඔහු එන තුරා...
අගුලු හැරෙනා හඩට හැමදින...
දෙකන් ඔසවා, දෑස විවරව...
මුදු හඩින් ආදරය දක්වා...
නෑගි දිව යයි සතර පාදින්...
ඒ ඉතින් ඔහු පැමිණියා...
මුදුව හඩමින්, කොට්ට පාදෙන්...
ඔහුව ඈ වෙත ළන් කරන්...
යමක් ගෙන ආ, ඇයට දෙන තුරු...
සතුටු ලෙස ඈ තුරුල් වෙන විට...
හිසත් පිරිමැද මුදුව අල්වා...
ඈට කන්නට යමක් දෙයි ඔහු...
සතුටු මුහුණින් තමා දෙස බැලු...
බළල් හදවත හදුන ගත් ලෙස...
ඔහුට නොදැනෙන ඇගේ සෙනෙහස...
එසේ වුව ඇය තැවුල් නොගෙනම...
ඊට කම් නැති බව කියාගෙන...
ඈ ඉතින් පෙර මං බලනු ඇති...
හෙටත් ඔහු යලි එනතුරාවට...

Wednesday, August 6, 2014

ඔබට....



හෑම උදෑසනකම......
සතුට සිනහව අරන් දෝතට....
දැකීමත් ඔබෙ රුවත් මදහස.....
අලුත් අරමුණු සිහින ගොඩකට.....
ජිවිතේ හැම තැනම පෙනෙනා.....
අමුතු සුන්දර වචන රෑසකට.......
තවත් නෑ දුක හැමදාම මට......
අරමුණකි නව සිහිනයට එන......
කුරියකි ඇය ලොවට හිනැහෙන.....
අහස උසකට හීන ලග නැත.....
විටෙක සයුරකි ලොවක් සනසන......
යම් විටක සිය බලය පෙන්වන......
භාවනාවකි සිතක් නිවනලන......
විටක ඈ මගෙ එලිය ලොවටම......
වසා යන මග ලොවම හරහට......
සිටිත් මා ඈ වෙතට යන විට......
දහස් හිරු රැස් සීත හිම වැහි.......
රිදුම් දෙන ගත පෑරුවත් තව.....
පොරොන්දුව එය නිමල අරුත්කි.....
සිහි තබනු මැන සොයා එන බව......
කවියකට  පද අවැසි ලෙසටම......
ලෝකයක් මට ඔබෙන් තොර නැත.....

Thursday, July 31, 2014

ඔටුනු නොපලන් කුමරියට....



සැරසුවත් රෑ අහස තරු කැට, 

මහ පොලොවෙ මේ ඇයිද හැගුනා

සැලෙන ලා දලු මදනලින් හඩ, 

මටම ඇසුනේ ඇයිද මන්දා

නිවුනු ගමනක් පූසියක සේ, 

කිමද මේ හැටි නිහඩ සිතුනා

හඩ නහන දිය පහල බසිනා, 

ඇගේ වරලස සිතට නැගුනා

සුවද මල් පෙති හමන මදනල, 

ඔබේ රුව සිත පුරා ඇදුනා

ඇද හැලෙන මහ වැසිත් සුලගද, 

ඔබව සිහියට මගේ නැගුවා

ලොවෙහි මා දැකි අවිහිංස බව,

සිනහවෙහි රැදි තුටින් පෙනුනා

ඔටුනු නොපලන් කුමරියක රුව,

මගේ දෙනුවන් මතට වැදුනා

#තරූ

Sunday, June 29, 2014

සීත උණුහුම



රජ කෙරූ හිරු උදය අහසින් කලු වලාකුලු පිරී මැකුනා....

අකුණු පුපුරන මහ හඩක් මැද සීත වැහි බිදු බිමට වැටුනා....

සීත මදනල දණින් වැටි පසු නපුරු සුළගත් වටින් හැමුවා....

තනිකමක්දෝ පාලුවද මට දැනෙන්නේ මේ කොතෙක් සිතුනා....

මදහසක් විත් අදුර පළවා හරිනු ඇති යයි කියනු ඇසුනා...

සීතලෙන් උන් වෙළුනු හදවත උණුහුමින් යළි පණක් ලැබුවා....

ඈත හිද සෙනෙහස ලබන්නට වාසනාවත් මටයි හැගුනා....

යොදුන් ගව් සිය දුරට වූවත් ඔබේ උණුහුම සිතට වැදුනා....

තවත් ඈතට යන්නෙපා මා සිතේ හැගුමන් හඩින් ඇසුනා....

ඇසුණාද එය නෑසුනාදෝ තවත් ඔබ මට ළගයි දැනුනා....

Saturday, June 7, 2014

හිමි - අහිමි




හිමි වේද මට අහිමි වේවිද...

දන්නේ නැතිමුත් මා තවත්...

සිහිනයක් වෙයි ජීවිතේ මට...

ආදරය නැති උනොත් නම්...

තහනමක් නෑ පෙම් කරන්නට...

ඈත පිපුනත් ගව් ගණන්...



හිතින් වත් මං ළඟින් ඉන්නම්...

ඔබට වත් නො දැනෙන්න නම්...



යන්න කීවොත් යන්න වෙනවා...

හැරීමක් නෑ ආයෙමත්...



දන්නේ නෑ මේ කිසි කෙනෙක්...

මං වංක ගිරියක අතරමං.....





#Casper #Casper's_Love

Sunday, June 1, 2014

ආගන්තුක කිරිල්ලියක්....



නිසල දියට මා අතින්....

අතු කැබැල්ලක් වැටුනොතින්....


රත්ත්තරන් තටු වලට පණ දී....


ඉගිලී යාවි පේන මානෙන්....


හිත විතරක් නොවෙයි....


සතුට එහෙමත් අරගෙනම.....

#Casper #Hyku_Poems #Learning #Not_Perfect