Monday, January 27, 2014

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [14 කොටස]



ටික දිනක් ගෙවී ගියේ මටත් නොදැනීමය. අක්කාගෙන් කිසිදු වෙනසක් නොවිණි. ඇය වෙනදා සේම විකාරයෙන් කල් ගත කලාය. එදින මට උපකාරක පන්ති තිබූ දිනයකි. මගේ මිතුරන් දෙදෙනාද මා සමගම ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට එක්වීම මගේ වාසනාවක් විය. උත්පලා ඈ තෝරාගත් ජීව විද්යා අංශයේ ගුණ වයමින් උන්නාය.
මාගේ මිතුරන් දෙදෙනාත් සමග ක්ලාස් ඇරී පැමිණෙන අතරමගදී මට උත්පලා මුණගැසිණි. ඈ කුමකට හෝ නගරයට පැමිණ ඇත. මා ඈ අල්ලාගත්තේ පාර පැනීමට කහ ඉරක් අසල සිටියදීය. මා ආ බව නොදත් ඇය අල්ලා නවත්වා ගත්තෙමි.

"කොහෙද මේ හවස් වෙලා යන්නෙ?"

"ආහ්! දසිත්!"

මිතුරන් දෙදෙනා මා දෙස බලා ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්හ.

"දසිත් පොඩ්ඩක් එනවද, ඔයාව හම්බුනේ වෙලාවට."

මම මිතුරන් දෙස බැලීමි, ඔවුන් මා දෙස පුදුමයෙන් බලා සිටී. මම ඔවුන් අසලට ගොස් මෙසේ පැවසිමි.

"මචන් ලකියා, මට දැන් එන්න වෙන් නෑ, උඹල පලයන්"

"ඒ මොකෝ බං? මොකෝ උත්පලා කියන්නෙ?"

"මොකද දන්නෙ නෑ බං! මම ගිහින්ම බලන්නම්. උඹල පලයන් අව්ලක් නෑ"

"අහා! උඹල දෙන්න මොකටද දන් නෑ මේ පාර එන්න හදන්නෙ"

"දසිත්!!!!!!!!! ඉක්මනට.........."
උත්පලාගේ කටහඩ පිටුපසින් ඇසුණි.

"හා හා මැඩම් අපි ඔයාගෙ සුවීටියාව තියා ගන්නෙ නෑ"

ලකියා ඈ දෙස බලා එරෙව්වේය.

"ඒක තමා........ හා හා දසිත් එහෙනම් පරිස්සමින් පලයන්කෝ, උඹේ හීන කුමාරි ඔය කතා කරන්නේ"

මම පුදුම උනෙමි. ඇත්තටම මගේ සිහිනය ඇයද?

මම ඔවුන්ගෙන් මිදී ඈ වෙත ගියෙමි.

"ඉතින්.........."

"ම්ම්ම්ම් ඔයාව අල්ලගන්න බැරිවෙයි කියල මම හිතුවෙ"

"ඇයි මොකෝ අවුල?"

"මේ එනවකො ඔය පාරෙන් අහකට"

මම පදික වේදිකාවේ කොඅටම ගියෙමි. ඈ කතාව ඇරඹුවය.

"මම මේ ඇදුම් වගයක් ගන්න ආවෙ"
ඈ තමන් අත වූ නෝලිමිට් බෑගයක් පෙන්වා කීවාය.

"ඒකෙදි මට විශාන් අයියව හම්බුනා"

:අහ්!

"ඉතින්න්....."

"මම ශේප් එකේ ඇහුව දැන් ලක්ශිකා අක්ක එක්ක නේද ඔයා යාලු වෙලා ඉන්නෙ කියල"

"ම්හ්හ් ම්හ්හ් ඉතින්"

"ඔය කිව්වෙ ඔව් කියල"

ඈ දගකාර ලෙස සිනහ වූවාය.

"එන්න කලින් ඇදන් හිටපු ඇදුමත් පෙන්නල කීව ඒකත් ලක්ශිකා අක්කගෙ තේරීමක් කියල"

"ශුහ්"

"විහිලු නෙවී දසිත්, ඌ නම් අක්කට මාර ලව් එකක් තියෙන්නෙ"

"මේ බලනව වෙලාව කීයද කියල, දැන් හයහමාරත් පහු වෙලා. යමු යමු"

"මොකෝ හදිස්සි"

"අක්ක එන්න කලින් ගෙදර යන්න ඕන"

"ඇයි?"

"අද අම්මල එහෙම යාලුවෙක්ගෙ වෙඩින් එක්කට ගිහින්. මා ලගයි ගෙදර යතුර"

"හ්ම්ම් හ්ම්ම් යමුකො යමුකො"

මම ඉස්සර වීමි. උත්පලා මදක් පසුපසින් පැමිණ අනතුරුව මා අසලින්ම ගමන් කරන්නට වූවාය.
වටපිට බලමින්,
කොකෙක් මෙන් හැම අස්සකටම එබෙමින්,
සිනහ වෙමින්,
උඩ පනිමින්,
මා සමග එක පෙළට ඇවිදින ඈ දැක මට සිනහ පහළ විය.
ඈ මා දෙස බලා සිනහ වන්නේ ඇයිදැයි අසන්නට මෙන් හිස සෙලවූවාය. මම මොකුත් නැති බව පෙන්වන්නට හිස දෙපසට වැනීමි.
මදක් නැවතුනු ඈ.....................
එක්වරම මගේ අතින් අල්ලා අසල වූ කඩයක් තුලට වැදුනාය.

"මේඅ....ඒයි... මොකෝ මේ?"

"ශ්ශ්ශ්! බලනව කව්ද එන්නෙ කියල"

මම කඩයේ වීදුරු අතරින් පාරේ ඇවිදින මගීන් දෙස බැලුවෙමි.

හ්ම්ම්ම් දැක පුරුදු මුහුණු රැසක්
දෙවියනි! ඒ අක්කා විය.
ඈ පසකින් වූයේ විශාන් ය.
තවත් දෙතුන් දෙනෙක් ඔවුන් පසුපසින් පැමිණෙති.
විශාන් ගේ යහලුවන් වන්නට ඇත.

අප සිටි කඩය අසලට පැමිණි ඔවුන් දෙදෙනා එක්වරම නතර වූහ. දෙදෙනාම අප දෙස බලා සිටී. මම ගල් ගැසුණෙමි.

"දසිත් ඉක්මට්නට මෙහෙ එන්න"
උත්පලා මගේ අති ඇද්දාය.

"වැඩක් නෑ මෝඩියේ අපිව දැක්ක වගේ"

"දsiත් අපි දිහා නෙවී එයාල බලන් ඉන්නෙ, කඩේ දිහා"

කඩේ දිහා?
මම වටපිට බැලීමි.
හතිලව්වයි!
මෙය "ලවර්ස්" ශොප් එකකි. විවිද විසිතුර හා අටමගුල් දෙස බැලූ මම උත්පලා දෙස අවසානයට බැලීමි. ඈ සිනාවෙයි!
ඇගේ ආත්ම ශක්තිය මම අගය කලෙමි. අක්කා පැමිණ මා ලවර්ස් එකේ මොනා කරනවාදැයි අසන්නට ඔන්න මෙන්න මොහොතේ උත්පලා සිනාවෙයි.
යසයි!

නෑ නෑ! විනාසයි! අක්කා විශාන් සමග ඇතුලට එන්නට දොර හරියි.
උත්පලා වහාම සිය ගණදෙවි නුවණ පාවිච්චි කලාය. මා ඇදගෙන ශොප් එක කොණටම ගිය ඈ පුලුන් වලින් සෑදූ ටෙඩීලා ගොඩක් පිටුපසට ගොස් මා සැගවූවාය. අනතුරුව මා සමග යමක් තෝරන බව හැගවූවාය.

අක්කා අපව දකීවි යැයි මට සිතුනද ඈට ලව් ටෝක් එකත් සමග මෙලෝ සිහියක් නොමැති බව මට සිහි වුනි. ඇත්ත වන්නට ඇත, එහෙත් කල්පයක් මෙන් දැනුනු විනාඩි පහ දහයකට පසු නිල් පැහැ ව්‍රිස්ට් වොච් එකක් අක්කාගේ අතෙහි බැන්දූ විශාන් අයියා ඈ සමග කඩයෙන් පිට වූවාය.

මම සිටි තැනින් පිටතට පැමිණීමි.

"මල්ලි මොනාද බැලුවෙ?"

මගුලයි! ශොප් එකේ සේවකයකු මගෙන් අසයි.
මම කිසිවක් සිතාගැනීමට නොහැකිව උත්පලා දෙසත් ටෙඩීලා ගොඩ දෙසත් බැලීමි.

"අහා! මෙයාට එකෙක් අරන් දෙන්නද ආවෙ? රයිට්, තෝරන්න දෙන්නකො එයාටම"

ඔහු උත්පලා දෙස බලා කියයි.
දහසකුත් එකක් කපල් එක්ක ගණුදෙනු කර ඔහු පුරුදුකාරයකු විය යුතුය.
ඈ තුශ්නිම්භූත වී මා දෙස බලා සිටී.
මම පියවි ලොවට පැමිණියෙමි.
මේ ලෝකය රග මඩලකි, රැගුවොත් රැගුවාමය. ඒත් රගන්නට ඕනෑ තැන මගහැර යාම ඔබ ඔබටම කරගන්නා මහා අවමානයකි.

"ඔව්! උත්පලා තෝරගන්න බලන්න එකෙක් ඔයාම"

ඈ බිය වූවාය. මගේ සිනහවත් සේවක අයියාගේ විහිලු කතා විලාශයත් ඈ අපහසුතාවට පත් කරන්නට ඇතුවා නොඅනුමානය.

"ඒත් දසිත්. මට ඕන නෑ?!?!?!" ඇයි?"

"හ්ම්ම්ම් හේතුව නෙහ්? නිකමට වගේ"

"මට බෑ. මට ඕන නෑ"

"ම්හ්හ් ගන්නම ඕන, මට කරපු උදව් වලට ඔයාටත් මොනා හරි දෙන්න එපැයි මං"

උත්පලා අසරණ වන්නට ඇත. මා දෙස යටැසින් බලා මොකක්දෝ ටෙඩියකු එසවූ ඈ අනතුරුව මා දෙසත් සේවකයා දෙසත් බලා සිනහ වූවාය.

"මොකෝ නංගි ඕකම ගත්තෙ? විශේශයක් තියේද්? දැන් ගොඩක් අය ඕක අරන් ගියා! අනේ මන්ද"

කියූ සේවකයා මා මුදල්  ගෙවූ  පසු එය කවරයකට දමා උත්පලා අතට දුන්නේ සිනහවක් පාමිනි.




"හ්ම්ම් විශේශයක් නෑ. ඒත් මේ ටෙඩීගෙ නහය ටිකක් දසිත් ගෙ වගේ"

කිවූ ඈ සේවකයාට පෙනෙන්නම මගේ අතින් අල්ලා ශොප් එකෙන් ඉවතට ඇදගෙන ගියාය..

--------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.................

--------------------------------------------------------------------------------

Sunday, January 19, 2014

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [13 කොටස]



එම සිදුවීමෙන් පසුව තවත් සතියකට අදික කලක් ඉක්ම ගියේ අප කාටත් නොදැනීමය. එයට හේතුව වන්නට ඇට්තේ උසස් පෙළ සදහා ගණිත විශයන් තෝඅරාගත් මට බොහෝ සෙයින් අද්යාපන කටයුතු වල නිරත වීමට සිදුවීමය. කෙසේ උවද උත්පලා මට නිතරම වාගේ මුණගැසිනි. වල්පල් කතාකරමින් කාලය ගෙවීම හැරුණුකොට ඈ තුල වූ අමුතු සිනහව මා සිහිනයක් තුලින් අවදිකරවීමට සමත් විය.
අක්කා වෙනදා මෙන්ම මා සමග විහිලුවෙන් සතුටින් කතාබහ කලාය. එහෙත් වෙනදාට වඩා දගකාර බවක් ඈ තුලින් විද්යාමාන වූයේ කුමන හේතුවක් නිසා දැයි මම ඉක්මනින්ම සොයා ගනිමි.

එදින සදුදා දවසකි. අක්කා පාසල් නොගොස් මොකක්දෝ පන්තියකට සහබාගි වීම සදහා පිටත්ව ගියාය. උදෑසන දහයමාරට එය අවසන් වන බව පැවසුවත් ඇය තවමත් පැමිණියේ නැත. එකොලහට ළං වීමට ඔන්න මෙන්න කියා තිබියදී මගේ ජංගම මෙව්වා එක නාද වීමට පටන් ගත්තේ මම බලමින් උන් ෆිල්ම් එකද අමතක කරවමිනි.

කව්ද මේ උදේ පාන්දර මල වදේ............

ඇමතුම උත්පලාගෙනි.

"හලෝ දසිත්"

"ඕ ඉන්නව"

"කොහෙද ඉන්නෙ?"

"ගෙදර"

"එහෙනම් ඉක්මන්ට ටවුමට එනව"

"ඒ මොකෝ?"

"කීවම එනවකෝ, මම ඉන්නව සෙන්ට්‍රල් පාක් එක ගාව"

"හේතුව?"

"අක්කා"

මම ප්‍රශ්න නෑසුවෙමි.

"මේ එනවා"

ක්ශනිකව හැද පැලද ගත් මම වහාම පාරට දුවගොස් බසයක එල්ලුනෙමි.
විනාඩි විස්සකින් මම එතනය.
උත්පලා මා එන තුරු බලා උන්නාය.

"කෝ?"

"මේ මෙහෙ එනවා, යන්න කලින් මේ ටික හොදට අහගන්න"

මම ඈ දෙස බැලුවෙමි. ගුරුවරියක මෙන් ඇගිල්ල දිගු කර මා දෙස බැලූ ඇය දුටු මට සිනා ගියේය.

"කියන්න බලන්න"

"අංක එක - අක්කගෙ බෝයිෆ්‍රෙන්ව දැකල කලබල වෙන්න බෑ
අංක දෙක - එතන කිසිම රන්ඩුවක් වෙන්න බෑ හොදද?"

"හොදයි! එච්චරද?"

"නෑ
අංක තුන - හදිස්සි වෙලා අක්කට මොකුත් කියන්නෙ එහෙම නෑ"

අනතුරුව මට ළ්ං වූ ඈ රහසින් මෙසේ කීවාය.

"අංක හතර - ඔයා ශර්ට් එක ඇදල තියෙන්නෙ කනපිට. ඔක්කොටම කලින් වොශ් රූම් එකට ගිහින් ඒහ හරියට ඇදන් එන්න"

"මොක........."

මම උඩ විසි උනෙමි. ඇත්තය! මැහුම් වාටි සමග නූල් එල්ලා වැටෙමින් තිබුනු මගේ කමීසය දෑඅ උනන්දුවෙන් බලන්නන් කීපදෙනෙකුම පාක් එක තුල සිටියහ. ඇතැම්හු මාව උන්ගේ කෙල්ලන්ටද පෙන්වා සිටියහ. ලේන්සු විකාගනිමින් මා දේ බලන් දුවලා පුතාලා අතරින් මම වොශ් රූම් එක වෙත පියනැගීමි.
"දැන් හරිද?"

"ම්ම්ම් හරි ඔය ඉන්නෙ කොල්ල වගේ"

"කෝ ඉතින් අක්කගෙ කොල්ලා?"

"ඔය ඉන්නෙ අර ඉස්සරහ බස් හෝල්ට් එකේ"

"එහෙනම් අපි පාක් එක අස්සට ආවෙ මොකද?"

ඈ උත්තර දීමට මදක් පැකිලුනාය.

"ඇයි ගොනෝ.... අපි එතනට ගියාම එයාලට පේනවනේ"

"අපි අද අක්කගෙ හොරේ අල්ලගන්නම ඕන. ඉතින් එයා දැනගත්තට කමක් නෑ"

"යමුකෝ එහෙනම්"

ඈ මගේ ශර්ට් අතින් අල්ලා ඇදගෙන ගියාය. අනතුරුව සිනාසී මා දෙස බැලුවාය.

"ඔන්න මෙතෙන්ට හොදට පේනවා"

"කෝ බලන්න"

"මම ඉන්න තැනට ඇවිත් බලන්න දසිත්"

මම උත්පලා උන් තැනම සිට ගහ්ට්තෙමි.
ඇත්තය!
හොදට පෙනේ.....
ඒත් ඒ එහාට මෙහාට හැරෙන මුහුණ මට දැක පුරුදු එකකි.....
කව්ද........?
කව්ද.........?
මල කෙලියයි..........
ඒ ඉන්නේ.......

"විශාන් අයියා?"

"ඔව් විශාන් අයිය තමයි"
උත්පලා සිනහ වෙමින් කීවාය.

මම අසලම තිබුනු ගල් ආසනයේ වාඩි උනෙමි. මහ දවාලේ උවද ගතට සීතලක් දැනුණි. දහදිය වැටෙනු මට නොදැනුනද නලලෙන් රූටා වැටුනු දහදිය බිදුවක් ආසනය මත වැටී විසිරිණි.

උත්පලා මා අසලින්ම වාඩි වූවාය. ඇය පන්ති ගොස් ඇත. ඇගේ බෑගය උකුල මත වෙයි. එය පහලට යාම වලකිනු පිණිස ඒ මත සුරත තබගෙන මා දෙස බලා සිටියි.

"දසිත්"

මිතුරු ලීලාවෙන් ඈ මා ඇමතුවාය.

"දැන් දන්නවනෙ ඒ කව්ද කියලා. දැන් ඔයා මොකෝ කියන්නෙ? කැමතිද? අකමැතිද?"

විශාන්.............
ප්‍රවීන් විශාන් සිල්වා.............
මා ඔබට ඔහු ගැන කියා නැත.
ඔබ දන්නේ ද නැත.
ඔහු අමුතුම චරිතයකි. පාසලින් නික්ම ගියේ මේ වසරෙදීය.
මම ඔබට ඔහු ගැන කියන්නෙමි. මන්ද ඔහු ගැන මම හොදින්ම දන්නා බැවිනි.

ඔහු අප විදුහලේ කරලියට එන්නේ පාසල තුල සිද්දි නිසා වේ.
ඒ මා දහය වසරේ උගනිමින් සිටියදීය. ප්‍රසිද්දියේ එවකට උන් විදුහල්පත්වරයාගේ පුත්‍රයාට කනට ගැසීමේ චෝදනාවට ඔහු වරදකරු වී සිටියේය.
ඔව්! ඇත්තෙන්ම ඔහු එසේ කලේය. ඒ තමන්ට ලොකුකම් පෙන්නන්නට ආ ලොක්කෙකුගේ පුත්‍රයකුට සලකන්නට ලැබීමේ සතුට සිත්හි දරාගෙනය.

ඔහු ක්‍රියාකාරියකු විය!
සාදාරණව සැමට සැලකූවෙකි. අප පාසලේ ඔහුව නොදන්නා කිසිවකුත් සිටියේ නැත.
ප්‍රසිද්ද ව්යාපාරිකයකු වූ ඔහුගේ පියා ඉතාම ඉහල සමාජ මට්ටමේ අයකු වූවද ඔහු කිසිදිනක ක සමගවත් තමන්ට කල හැකි දේ පිළිබදව පම්පෝරි නොගැසුවෙකි.
එහෙත් ඔහු හා නගරයේ බොහෝ ක්‍රියාකාරකම් අතර තිබුනේ ප්‍රසිද්ද රහසක් වූ සියුම් හුයකි.
ඔහු දිනක පාසල සම්බන්ද ප්‍රසිද්ද තරගයකදී මා ඇදගත් ගුටි පූජාවකට නිර්ලෝභීව සම්මාදම් වූ අයර්ය් මට අද මෙන් මතකය. එදා පටන් අද දක්වා මා සමග බොහෝ සෙයින් මිතුරු වූ ඔහු පාසලින් නික්ම යන තුරුම මාගේ අත පය හතර මෙන්ම බෙල්ලත්, අනාගතයත් සුරැකි අවස්තා බොහෝ විය.
වර්ණනාව දිග වැඩි උවද එය නොකියා බැරිය!
ඔහුගේ වරදක් නැත!
මෙතෙක් කල් කෙල්ලන් ඇසුරු කල සල්ලාලයකු නොවේ!
කුඩු ගහන, ගංජා උරන බේබද්දකුද නොවේ!
මා දන්නා තරමට ඔහුට මේ පැත්තේ නොහැක්කක් නොමැත!

මා කුමක් කියම්ද?
උත්පලා මා දෙස බලා හිදියි!
සිසිල් සුළං රැල්ලක් හමා යනු දැනුනි.

"දසිත්........"

"හ්ම්ම්ම්"

"කියන්න"

"මට තව කල්පනා කරන්න ඕන උත්පලා"

"මේ අහන්න අක්කම අකමැති උනොත් ඇරෙන්න ඔයාට බෑ විශාන් අයියව නවත්තන්න"

මම ඈ දෙස බැලීමි. ඇත්තය!

"ඔව්.... ඒත්"

"එයා නරක කෙනෙක් නෙවෙයි දසිත්"

"ඔව්..... ඒත්"

"ඔයා ඩිශිශන් එකක් අරන් ඉවරයි. මට ඒක පේනව"

ඈ මදක් ඇස් ලොකු කර මා දෙස බලා කීවාය.
මම සිනහ වීමි.

"ඔයා එයාලට මොකුත් කරන්නෙ නෑ......"

ඇය සතුටින් සිනහ වූවාය.
හෑ!!!!!
ඈට අර අනුන්ගේ සිත් කියවීමේ නුවණ තිබේ...
එය දැන් නම් මට සක්සුදක් සේ පැහැදිලිය.

"ඔව්.... අපි එයාට අවස්තාවක් දීල බලමු"

"හොද කොල්ලා"

මම අපහසුවෙන් මෙන් සිනාසීම්.

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට......................

අද සිට මෙම කතාව මගේම බ්ලොග් අඩවියෙන්ද කියවිය හැක -

Visit - 

---------------------------------------------------------------------------------

"දැන් ටිකක් අමුතුයි ඔයාගෙ වැඩ" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [12 කොටස]


අක්කා සුපුරුදු පරිදි පාසල් යයි. මම ගෙදරට වී ඔහේ බලන් ඉදිමි. කොහොම කීවද ඇය නැති අඩුපාඩුව උදේ කාලයේදී තදින් දැනේ. එය පිළිගත යුතුය. එදින අක්කා නිවසට පැමිණියේ තුනහමාරත් පසුවූ පසුය. පාසලේ සිට එතරම් දුරක් නැති නිසාවෙන් මම ඇගෙන් මේගැන ප්‍රශ්න කළෙමි.

"මොකෝ අක්කෙ පරක්කු"

"පරක්කුද?"
ඈ මගේ කනෙන් අල්ලා සිනාවෙමින් කීවාය.
අමුතුය!

"ඔව්?"

"ඉස්කෝලෙ වැඩ වගයක් තිබුන මල්ලි, ස්පෝට් මීට් කාලෙනෙ"

"වෙන්න බෑ"

"අපෝ මොකෝ වෙන්න බැරි"

මම එල්ලෙනට නොගියෙමි. ඇගේ තර්ක බිදෙහෙළිය නොහැක. කොහෙන් හෝ ඈ කියන පට්ටපල් බොරුවක් උවද සත්ය වේ.
එහෙත් එය විමසා බැලිය යුතුය.
සතියකට රුපියල් තුන් හාර සීයක ෆෝන් කාඩ් දමා යාලුවන්ට කතා කරනවායැයි සිතිම පැහැදිලිවම අපහසුය. එහෙත් මේගැන සොයා බලන්නෙ කෙසේද?

කෙසේ උවද මේ ගැන සෙවීමට මගේ සිතේ හටගත්තේ මාර ආසාවකි. හොර වැඩක් කිරීමෙන් ලැබෙන විශ්මයජනක සතුට මට ලැබිය හැක.

මට උත්ප්ලා මතක් විය, වයස් පරතරය හැරුණුකොට අක්කාත් උත්පලාත් ගජ මිතුරියෝය. ඕනෑම ඕපාදූපයක් එකිනෙකා අතර කියවේ. මේ ගැන ඉගියක්වත් ඇගෙන් දැනගත හැකිය. ඔව්! හෙට උදෑසනම මම ඈ හමුවට යන්නෙමි. අක්කාගෙ නැටුම් හෙළිකර ගන්නෙමි!!!!

"මල්ලී........."

අක්කා අඩගසනු ඇසිනි.

"ඕ"

"කෑවද?"

අපොයි! මට කන්නට අමතක විය. වෙනදා මම දහවල් ආහාරය ගන්නේ අක්කා පැමිණි පසුය. එහෙත් අද ඇගේ පරක්කුව නිසා මට එය මුලුමනින්ම අමතක විය.


"නෑ"

"එහෙනම් ඉක්මනට එනවා"

මා කුස්සියට යන විටත් අක්කා මගේ කෑම පිගාන බෙදා මේසය මත තබා තිබුණි.

"අක්කෙ"

"මොකෝ?"

"නෑ එක්කො ඕන නෑ"

"මොකක්ද........."

"දැන් ටිකක් අමුතුයි ඔයාගෙ වැඩ"

අක්කා ආහාර ගැනීම නවතා මා දෙස බැලුවාය. ඇගේ ඇස් දෙකත් උත්පලාගේ මෙන් ලොකු වී ඇත......

"ඒ කීවෙ?"

"නෑ මම කිව්වෙ හැසිරීම ටිකක් අමුතුයි කියල. අර තනියම හිනා වෙන එක එහෙම එච්චර හොද නෑ"

"මම? නෑ"

"නැත්තෙ මොකෝ මම දැක්ක ඊයෙ පාඩම් කරන ගමනුත් සැරෙන් සැරේ හිනා වෙනව. එකපාරටම ඔහේ ජනේලෙන් බලන් ඉන්නව"

"හා හා ඇති ඇති....."

"ඇයි ඒ?"

"වෙලාව ආපුවම දැනගනියි. එතකම් ඒ ගැන මගෙන් අහන්න එපා"

ඇත්තය! ඇගේ විශ්වාසය කඩ කල නොහැක. මම රහස් රකිමි!



*******************

පසු දින උදෑසන අන් සියලු දෙනාම සිය රාජකාරි සදහා පිටත්ව ගිය පසුව මම මගේ පාපැදියට නැගුණෙමි. කලකින් පාවිච්චි නොකල නිසාම එය නැවත පදින්නට හැකි තත්වයට ගන්නට මට තරමක මහන්සියක් වන්නටද සිදු විය. කෙසේ උවත් අන්තිමේ උත්පලාගේ නිවස අසලට යන විට නවයට වත් වන්නට ඇත. වාසනාවට ඈ නිවස ඉදිරිපස සිමෙන්ති බංකුවට වී පත්තරයක් කියවමින් සිටියාය. මගේ පාපැදියේ සද්දය ඇසී හිස ඔසවා බැලුවාය.

"හානේ දසිත්.............."|

මම පාපැදිය පාර අයිනේ හේත්තු කර ගේට්ටුව අසලට ගියෙමි. ඇය මා පිළිගැනීමට පැමිණියාය.

"මොකෝ ඉටින් කවදාවත් නැතුව මේ පැත්තෙ එන්න හිතුනෙ?"

"ඇයි අපි එන්න හොද නැද්ද?"

"අනේ නෑ"

ඇය ඇස් දෙක බිමට හරවා කීවාය.

"එහෙම නෙවෙය්, මම නිකමට කිව්වෙ"

"හ්ම්ම් හ්ම්ම් කමක් නෑ"

"ඉතින් එන්නකො ගෙට"

"ම්ම්ම් බෑ බෑ එහෙම හොද නෑ නෙ, ඔයා විතරනෙ ඉන්නෙ. අපි එලියෙම ඉමු"

"ඔව්මයි"

සිනහවූ ඇය සිමෙන්ති බංකුවේම වාඩි වූවාය.

"ඉදගන්න දසිත්"

මම අනිත් කොනේ වාඩි වීමි. ඈ මා දෙස බලා උන්නාය.

"මේ මම ආවෙ පොඩි තොරතුරක් දැනගන්න""

"මොකක්ද දසිත්?"

"අපේ අක්ක, මේ දවස් ටිකේ හරි අමුතුයි"

"මටත් තේරුනා ඕක"

"ඒකනේ, පුදුම විදියට ෆෝන් කාඩ් දානවා, පිස්සුවෙන් වගේ හිනාවෙනවා"

"මට නම් දැන් ටික කලක ඉදල ඕක තේරුනා. මම දසිත්ට කිව්වෙ නැත්තෙ එක ගෙදර ඉන්න මල්ලිටත් නොතේරෙන දේ මම විතරක් කීවම හරි නැති හන්ද"

"මොකක්ද ඕකට හේතුව? ඔයා දන්නවද?"

"නෑ දසිත් අවංකව්ම දන්නෙ නෑ. ඒත් හේතුව නම් දන්නව ඔය හැම දේටම"

"මොකක්ද ඒ?"

"අක්කට කොල්ලෙක් සෙට් වෙලා"

මම සිනහ වීමි, සුපුරුදු ලෙසමය.

"වෙන්න බෑ උත්පලා"

"ඇයි මොකෝ වෙන්න බැරි?"

"ඒකිට කැමති වෙයිද කොල්ලෙක්? ඈ?"

"දසිත් තාම අක්කව දැකල නැද්ද?"

මම උත්පලා දෙස බැලීමි. ඒ කීවේ මොකක්ද?

"ඒ කිව්වෙ?"

"ඔයාගෙ අක්ක දිහා බැලුවම කොල්ලෙක් සෙට් උනා කිව්වම නෙවෙයි පුදුමෙ, මෙච්චර කල් එහෙම නොවී තිබුන එකයි"

මම බිම බලා ගතිමි.
ඇත්තය, අනිත් සම වයස් කෙල්ලන් සමග සසදද්දී අක්කා අමුතු පුදුමාකාර ලස්සනකින් හෙබි ලක්කක් වූවාය. නිතර දෙවේලේ ඈ සමග උන් මට එය එතරම් ගණනකට නොගත්තාට සමාජයට එය එසේ වන්නට නැත.
කොහොමත් හැමදාම දකින කුකුලාගේ කරමලය සුදු වීම මගේ වරදක් නොවේ!

"ඇත්ත තමා ඒත්.........."

"ඔයා දන්නෙ නෑ, මම ඔයාව අදුරගන්න කලිනුත් අක්කගෙන් කොල්ලො කීප දෙනෙක් ඇහුව, ඒත් එයා ඒ කාටවත් කැමති උනේ නෑ"

"ඔයා කියන්නෙ දැන් කාට හරි කැමති වෙලා කියලද?"

"නෑ තාම එහෙම කියන්න තරම් දෙයක් උනේ නෑ නෙ දසිත්, එහෙම උනා නම් ඒක එයා හොදට හිතල මතල ගත්තු තීරණයක්, ඒක වෙනස් කරන්න නම් අමාරු වේවි"

"මට ඕන ඒ කව්ද කියල හොයා ගන්නයි උත්පලා. අක්ක හැම්දේම දන්නව කියල හිතුවට එයාට ආරක්ශා වෙන්න බෑ"

ඈ මට ළං වූවාය, මිතුරියක සේ මගේ උරහිසින් අල්ලා මෙසේ කීවාය,

"අපි හොයාගමු, ලක්ශිකා අක්ක මගෙත් යාලුවනෙ"

"හ්ම්ම්ම් ඔයා හෙල්ප් කරනවද?"

"ඔව් හැබැයි එක කොන්දේසියක් උඩ?"

"මොකක්ද?"

"බැරිවෙලාවත් අක්කගෙ තීරනේ හරි නම්, ඔයා ඒකට විරුද්ද වෙන්න බෑ"

මම මොහොතක් කල්පනා කලෙමි. ඇත්තය! හැමෝගේම කැමැත්තට මම විරුද්ද වී පලක් නැත. ඊටත් වඩා සිදු විය යුතු නම් එය කවදා හෝ සිදුවිය යුතුය.

"හොදයි, ප්‍රොමිස්"

"රයිට් දෙන්න අත"

ඈ මගේ අතින් ඇද පුරුදුකාරියක මෙන් යුරෝපීය ක්‍රමයට "හෑන්ඩ් ශේක්" කලාය.
මම සිනහ වීමි.

"දැන් මොකෝ දසිත් පලවෙනි පියවර?"

පලමු පිය්වර? දත්ත මදිය.

"අපි බලන් ඉමු, අක්කගෙන් පලවෙනි වැරැද්ද සිද්ද වෙනකම්. එහෙම නොවුනොත් අපිට මේක හොයන්න වෙන්නෙ නෑ"

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.....................

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------
ලියන මම - රැන්ඩි මල්ලී.



---------------------------------------------------------------------------------

"ඔයාව ශුවර් කරන්න පුලුවන්ද මට?" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [11 කොටස]



අලුත් අවුරුද්ද උදා වන්නට සූදානම්ය. මා මේ පවසන්නේ සිංහල අවුරුද්ද නොවේ. තා ඒ සදහා මාස ගනනක් ඇත. පසුගිය වසරින් මේ වසරට යෑම පුංචියට සමරන්නට අපගේ දෙමාපියන්ගේ යහලුවන්ට උවමනා විය. 

"පුංචි පාටියක් හොදේ. 31 රෑ. ඔන්න එන්නම ඕන"

අම්මා සිය රාජකාරි මට්ටමේ යහලුවන්ට පණිවුඩ යැව්වාය. කාන්තාවන් ඔය පුංචි යැයි කියාගන්නා හැමදේම මහා විසාල වන බව මම දනිමි. එහෙත් කුමක් කරන්නද ලෝකය කැරකේ. 

"ඕන් මල්ලියේ වැඩ ගොඩක් ඉවරයි."

අක්කා කීවේ අම්මාට උදව් වී මහන්සියෙනි. 

"අපෝ අම්ම කීවෙ පොඩි පාටියක් කියලනෙ. ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි ඉතින්"

"මොන පොඩි ද බන්. තිහ හතලිහක් ඉදීවි, මේ යන විදියට"

"ඒ තරම්???"

"නැතුව, අම්ම පහලොවකට කතා කලැයි කියමුකො. එතකොට ඒ පහලොවේ පවුල් පිටින් නෙ එන්නෙ"

"අම්මපා තමා"

"හ්ම්ම් හ්ම්ම් වැඩක් නැත්නම් උදව්වක් කරනවා"

"මොකක්ද?"

"කඩේට ගිහින් මට කාඩ් එකක් ගේනව"

"මේ මං අහන්නමඉ ඉඩියෙ, මොකෝ දැන් කාඩ් ගන්නව වැඩි?"

"මං?? නෑ"

"නැත්තෙ මොකෝ මන් මේ සතියට සීයෙ කාඩ් අටක් ගෙනාව"

අක්කා සිනහ වූවාය. සුපුරුදු සිනහව නම් නොවේ.. මොකෝ මේ???

"හරි හරි ඉතින් හොද මල්ලියනෙ, ගේන්නකො"

"හා හා ගේන්නම් ඔච්චර බටර් ගාන්න දෙයක් නෑ"

මම සල්ලිත් රැගෙන නිවසින් පිටවීමි. අක්කාගේ කාඩ් එකට අමතරව අම්මා විසින් නම් කරන ලද පාන් පිටි කීලෝ දෙකකකුත් ගේන්නට පැවරී තිබුණි. 

මම ආච්චිලාගේ නිවසෙහි සතියක් නොසිටියෙමි. හදිස්සි වැඩක් ඇති බව පවසා දින දෙකකින් පැමිණියෙමි. වචනයෙන් නොකීවත් අම්මාද එයින් සතුටු වූවාය. අක්කා උත්පලාට කිවූ දේවල් සහ ඇගෙන් ඒවාට ලැබුණු ප්‍රතිචාර මට කියමින් වරුවක්ම සිනා වූවාය. පව්! කියා සිතුනත් අක්කාගේ සිනහව අතරේ මටද සිනා නොවී සිටිය නොහැක.

"දසිත්.... හෝව් හෝව්"

කව්ද ඒ??? මම පිටුපස බැලීමි. වෙන කව්ද ඉතිං.......

"උත්පලා....."

"මොකෝ කට ඇරන්" 

ඈ සිනහ වෙමින් කීවාය. මම කට ඇරන් සිටියේද? 

කෙල්ල දම් පැහැ ගවුමකින් සැරසී සිටියාය. මොකක්දෝ අමුතු ලස්සනකි. 

"නෑ නෑ නිකම්... කොහෙද යන්නෙ?"

"කඩේ..."

ඈ දිග ලැයිස්තුවක් පෙන්වා කීවාය. ඇත්තය ඇයට තනියෙන් කඩේ යන්නට අවුලක් නැත. ඇගේ නිවස කඩය පේන මානයෙන් පිහිටා ඇත. 

"ඉතින් දසිත් අක්ක කිව්වෙ නම් ඔයා ගොඩක් කල් එන එකන්ක් නෑ කියල"

"ඔව්! ඒත් ඉන්න කම්මැලි හිතුන ඉතින් ආව"

"කම්මැලි හන්දමද ආවෙ?"

ඈ ඇස් ලිකු කරගෙන විමසුවාය. මම සිනහ වීමි. අක්කාගේ විකාර නිසා මේ කෙල්ලට මොනව හරි වෙලාද?

"මල කෙලියයි"

මට කියවිනි.

"අපොඉ! කඩේ වහල නේද"

උත්පලාද කීවාය. 

"දැන් ඉතින් එහා කඩේට වත් යන්ඩ ඕන. අම්මගෙ කේක් හැදිල්ල නැත්තම් කරන්න බැරි වෙනව."

මම කීවෙමි. 

"ඉතින් යමු"

"ඔයා එනවද?"  

මම පුදුමයෙන් ඇසීමි. තනියම?

"නැතුව!"

"මේ ලමයෝ ඔයා එන්න එපා. තනියම ඒ තරම් දුර යන එක හොද නෑ නෙ"

"තනියමයැ යන්නෙ... ඔයත් ඉන්නෙ"

"තනියම කිව්වෙ...... මේ....... මා එක්ක තනියම...... එහෙම ... හොද .......... නෑ......නේද.."

"හ්ම්ම්ම්ම් ඔව් ඔයා කියන එකත් මට තේරෙනව"

උත්පලා බිම බලා ගත්තාය. 

"කමක් නෑ යමු! " 

ඈ පුදුමයෙන් මෙන් මා දෙස බැලුවාය. පුංචි සිනහවක් දෙතොලගින් මතු විය. 

"යමු!"

"හ්ම්ම් අවුල් ගන්න එපා මන් එන්න එපා කිව්වෙ... දන්නෙ නැද්ද මේ හරියෙ මිනිස්සු ශුවර් නෑ නේ"

"ඔයාව ශුවර් කරන්න පුලුවන්ද මට?"

එකවිටම උත්පලා ඇසුවාය. 
මම ගොලු වීමි.

"මන් හිතන්නෙ ඔව්. ඔයාට පුලුවන්"

ඈ සිනහ වූවාය. ගොම්මන් අදුරද ළං වේ.

"ඉක්මනට යමු..... හවස් වෙන්නත් ළගයිනේ"

"හ්ම්ම් හ්ම්ම් ශුවර් ශුවර්" 

උත්පලා මිමිණුවාය. මම සිනහ වීමි. කෙසේ වුවද අක්කාට කාඩ් රැගෙන එන විට කලුවර වැටෙමින් තිබුනි. 
අහස පැහැදිලිය....... වළාකුලකුදු නොමැත...... එහෙත් හෙට දින එළිය වන තුරු එය අදුරුය!!!!!!!!!

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට >>>>

---------------------------------------------------------------------------------
ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක මගෙ ඉදිරි ගමනට ලොකු ශක්තියක්
ලියන මම > 

---------------------------------------------------------------------------------

"හ්ම්ම්ම් ඌට නං කියන්න දෙයක් නෑ මයෙ හිතේ" ::: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [10 කොටස]


මෙම සිදුවීමෙන් පසු දිනක් ඉක්ම ගියේය. කාලයා බොහෝ ඉක්මනින් ගතවේ. අක්කාත් මමත් නැවත උත්පලා බලන්නට ගිය මොහොතෙහි ඇගේ මව සුබ ආරංචියක් අපට ලබා දුන්නාය.

"ඔන්න අද මෙයාට ගෙදර යන්න පුලුවනි කිව්වෙ"

"එහෙමද නැන්දෙ?"

"ඔව් දුවේ, දැන් ඉතින් නිවන් ගියා වගේ"

ඇගේ අම්මා සතුටු වූවාය. ඇත්තය, ඇගේ මව බොහෝ සෙයින් වෙහෙස වූවාය. ඒ නිසා ඒ ගැන අප්‍රසාදයක් මවෙතින් මතු නොවිණි. අක්කාත් ඇගේ අම්මාත් කතාබහ කරන අතරේ මම උත්පලාට කිට්ටු වීමි.

"දැන් සතුටුද?"

ඈ බොහෝ විට කියන්නාක් මෙන් ඇසක් වසා කීවාය.

"නැතුව ඉතින්"

"ඔයානෙ කිව්වෙ ඉක්මන්ට සනීප වෙන්න කියල, ඔන්න මං සනීප උනා"

"කමක් නෑ ඉතින් කොහොම හරි ඔයා ගොඅ නෙ දැන්"

"හ්ම්ම් ඔව් දසිත්, තෑන්ක්ස් මේ දව්ස් වල මට කරපු හැම උදව්වටම"

"ඒව මොනාද! මටත් වඩා මහන්සි උනේ අක්කා"

"හ්ම්ම්"

ඈ නිවසට ඇරලවීමටද අපි ගියෙමු. පසුව  අප නැවතත් අප නිවස බලා එන අතරතුරදී මෙම කතාබහ ඇති විය.

"මොකෝ අක්කෙ ඩොකාල කිව්වෙ?"

"අපෝ මොනාද මන්ද ලිස්ට් එකක්ම කිව්වෙ තිබ්බ ලෙඩ ගැන"

"හෑ?"

"ඔව් බං ඒකි ලෙඩෙක් නෙවී තනිකරම හොස්පිටල් එකක්"

"අනෙ මගෙ කට"

"හා උඹ හිතන්නෙ බොරු කියලද? නෑ නෑ ඇත්තමයි"

"ඉතින්???"

"ඒකිගෙ අම්මට හෙන ඇඩ්වයිස් ටිකක් දුන්නෙ, ගොඩක් පරිස්සම් කරගන්න කිව්වලු"

"අම්මප???"

"ඔව් ඔව්"

මම දුක් වීමි, ඉස්සර උන් දගකාරිය නැවත දකින්නට නොලැබෙනු ඇත.
උත්පලා සුවවී නැවත නිවසට පැමිණි දිනයට පසු දින මම අපගේ අම්මාගේ මහගෙදර ගියෙමි. විභාග කටයුතු නිසා වසරක් පුරා නොපැමිණීමේ වාඩුව ගන්නට මෙන් එක් දිනකට සීමා වූ එම ගමන අවසානයේ කෙලවර වූයේ සතියක දැවැන්ත නවත්වගැනීමකිනි. මට කම්මැලිකමින් උවත් නැවතීමට සිදු විය, 

විටින් විට හුරු පුරුදු මුහුණක් මගේ ඇස් අග ඇදෙමින් මැකී යයි. කව්ද ඒ?
අන් කිසිවකු නොව ඒ ඇ වූවාය. මට ඇය මේ තරම් සිහි වන්නේ කුමක් නිසාද? නොදනිමි මම නම්. 

********************

"හානේ ලක්ශිකා අක්කෙ"

"හ්ම්ම් කෝමද නගා"

"කෝ මේ......"

"මල්ලිව නවත්තගත්ත"

"කව්ද?"

"වෙන කව්ද ඉතින්, ආච්චි අම්ම මිසක්"

උත්පලාගේ මුහුණ අදුරු විය. 
"අයියෝ"

"මොකෝ අප්සෙට් එකෙන් වගේ"

"නෑ නෑ මොකුත් නෑ අක්කෙ, එන්නකො ඇතුලට"

ඈ දොර සම්පූර්ණයෙන්ම විවාර කලාය. 

"කෝ අම්ම?"

"වැඩට ගියා අක්කෙ, මන් කීව යන්නය කියල"

"තව ටික දවසක් අම්ම ඉදියනම් තමයි හොද"

"නෑ අව්ලක් නෑ මට දැන්"

"හ්ම්ම් ම්හ්ම්"

"දසිත් කවද්ද එන්නෙ?"

"ඌ එන දවසක එන්නෙ නැතෑ"

"කියන්නකො ඉතින්"

අක්කාගේ මුහුණට නැගුනේ සිනහවක්ද? ම්ම්ම්ම් ඔව්නෙ! අර අමුතු ජාතියෙ හිනාව!!!!!

"ඒ මොකටද?"

"හා හා ඕන නෑ" 
උත්පලා තරහ මුහුණක් මවා ගත්තාය.

"සතියක් දෙකක්වත් ඉදීවි"

තරහ මුහුණ ක්ශනයකින් අදුරු වනු දුටු අක්කාගෙන් යලිත් අර කියූ ජාතියේ සිනහවක් මතු විය. 

"අනේ ඇයි නංගී හදිස්සියක්ද?"
අක්කා ඇසුවේ ඔච්චමටය.

"ඔය ඉතිං!! මන් නිකමට ඇහුවෙ, අක්ක මොකෝ මේ පැත්තෙ?"

"මමද?"
අක්කා මදක් කල්පනා කලාය. ඉදපන්කො! දෙන්නම් වැඩක් උඹල දෙන්නට!!!!!!

"මල්ලි උදේ කතා කරල කිව්වනෙ මට ඔයාව බලන්න කියල"

උත්පලාගේ දෑස් ටිකෙන් ටික ලොකු වනු දුටු අක්කාට බිම පෙරළෙමින් සිනාසීමට සිත් වුවත් අපහසුවෙන් එය නවත්වා ගත්තාය. 

"හෑ!!! ඇත්තටම එහෙම කිව්වද?"

"ඔව්ව්ව්ව්ව් නැතුවාආ"

අක්කාට නොපෙන්වා උත්පලා තමන් වෙතම සතුට පෙන්වා ගත්තාය.

"නංගි මේ, මන් දැන් යනව..... අද හවස ක්ලාස් යන්නත් තියෙයිනෙ"

"ආවට තෑන්ක්ස්!"

"ඕක මොකක්ද ඉතින්"

"දසිත්ට කියන්න මතක් කලයි කියල"

"හ්ම්ම්ම් ඌට නං කියන්න දෙයක් නෑ මයෙ හිතේ"

"හෑ?????"

"මන් යනෝ නංගී"

අක්කා විදුලි සැරක වේගයෙන් නොපෙනී ගියාය.

"හ්ම්ම්ම් ඌට නං කියන්න දෙයක් නෑ මයෙ හිතේ"
අක්කා කුමක් අදහස් කලේද?
එයාට මන් හිතන දේවල් තේරෙනවද? 
පරචිත්ත විජානනේ තියේද?
නැත්නම්.................

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.......................... 

---------------------------------------------------------------------------------
මම -


  
---------------------------------------------------------------------------------

"ඔයා කැමති එහෙමනම්, ම්ම්ම්ම්ම්ම් ඔව්! එහෙම වේවි!" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [9 කොටස]



එදිනටත් පසු දිනක් ගතවී ගොසිනි පසුගිය තුන් වේලටම මම අක්කාත් සමග උත්පලා බැලීමට ගියෙමි. එහෙත් ඈ ඉක්මනින් සුව වන තත්වයක් නොපෙන්වූවාය. මා යන හැම විටම කුමක්දෝ හේතුවක් නිසා දීප්තියෙන් බබලන දෑස් මගේ විගමනයත් සමග පෙරටත් වඩා දුර්වල තත්වයකට ඇද වැටුණි. මන්දැයි නොදනිතත් දිනෙන් දින දුර්වලව යන මේ කෙල්ල පිළිබදව මම දුක් වීමි. මේ සවස් කාලයයි.

"මල්ලී...."

"ඕ..."

"අද යනවද උත්පලා බලන්න?"

"යමු"

"අද මට එන්න වෙන් නෑ"

"ඒ මොකෝ?" 

මම ඇසුවේ අන්තිම නරක කටහඩෙනි. අක්කා නොපැමිණියොත් මටද යාමට නොහැක.

"මට හෙට ටෙස්ට් එකක්. පාඩම් කරන්න තියෙයි බං"

අක්කා පැවසුවේ ඇත්තෙන්ම මහා අවුලකට පත්ව ඇත්හ්ටාක් මෙනි.

"එහෙනම් මමත් ඉන්නම්"

"ඉදියත් කමක් නෑ. ඒත් මල්ලි පොඩ්ඩක් ගිහින් බැලුවනම් තමා හොද. උන්ටය කියල කාත් කවුරුත් නැති එකේ පොඩ්ඩක් හොයල බලන්න එපැයි"

"කාත් කවුරුත් නැත්තෙ මොකෝ ඔය හැමවෙලේම හත් අට දෙනෙක් එන්න එයා බලන්න"

"තමුසෙට යන්න ඕනද? නැද්ද?"

අක්කා ඇසුවේ තීරණාත්මකවය. ඒ මොකෝ??

"හ්ම්ම් හ්ම්ම් යන්නම්කො එහෙනම්"

"මතක ඇතුව ඒකිට කන්න මොනව හරි ඇරන් ගිහින් කවනවා. බලනව දැන් ඒකිගෙ හැටි"

"හ්ම්ම්ම් මේ අක්කේ???"

"මොකෝ ඒ පාර?"

"මේ රුපියල් දෙසීයක් විතර?"

"මන් අම්මගෙන් ඉල්ලල දෙන්නම්"

"හ්ම්ම් මා ලග සල්ලි නෑ ඒකයි"

"හරි හරි ඉතිං. හැබැයි ඒකිට කියන්න ඕන තමුසෙත් ඒකි හන්ද ගොඩක් දුක් වෙනව කියල. නැත්නම් ඕකි සනීප වෙන්නෙ නෑ"

"හෑ ඒ මොකෝ"

"නෑ නෑ මං කිවෙ ඒකිට සනීප වෙන්නවත් ඕනකමක් නෑ"

"හ්ම්ම් හ්ම්ම් කියන්නම්කො"

ආශ්චර්ය යනු මේවාය! 

*****************************

සවස පහ වෙන්නට පැය බාගෙකුත් තිබියදී මම නිවසින් පිට වීමි. තනියම යන එක හොදය. තවත් එකෙක් එක්ක ගියා නම් කිසිවක් කරන්නට නොහැක. කෙසේ උවත් උත්පලාට සිදුවූ දේ පිළිබදව බසයේ යන අතරමගදිත් මම කල්පනා කලෙමි. 
රෝහල් පරිශ්‍රයට මා පැමිණෙන විට එතරම් පරක්කු නැත. උත්පලාද වාසනාඅකට මෙන් නිදාගෙන සිටියේ නැත. ඇගේ අම්මා නම් අසල පුටුවක නිදිකිරමින් සිටියාය. මා එනවිට ඇයට මොනවාදෝ ගත්තා මතකය. අක්කාගේ නියමයන් වූ එම ආහාර අතර මගෙන් වියදම් වූ රුපියල් දෙතුන්සීයක්ද තිබෙන්නට ඇත. ඒ ඈ වෙනුවෙන් මම මිලදීගත් අලි චොක්ලට් බාර් එක සදහාය. මම ඈ අසලට යන්නටත් මත්තෙන් මලානික සිනහවක් ඇගේමුහුණෙන් මතුවිය.

"ආ මේ දසිත් පුතානෙ, කෝ ලක්ශිකා දූ?"

"අක්ක ගෙදර නැන්දෙ, හෙට විබාගයක් කියල නැවතුනා"

"එහෙමද? අනේ පුතේ පොඩ්ඩක් ඉන්නවද මෙතන මම කවුරු හරි එනකම් හිටියෙ"

"ඇයි නැන්දෙ මොනව හරි ඕන නම් කියන්න මම ගෙනැත් දෙන්නම්"

"අනේ ඕන නෑ පුතේ, මම යන්නම්. මම දවල්ට කාලත් නෑ තාම, පුලුවන්ද පොඩ්ඩක් ඉන්න මම එනකම්"

"හරි නැන්දෙ ඉන්නම්කො"

ඇත්තෙන්ම උත්පලාටත් වඩා ඇගේ අම්මා විඩාපත්ය. සිහිත්න් දුක් විදී.

ඇගේ අම්මා ගිය පසු උත්පලා මා දෙස බැලුවාය. මම අතේ තිබූ පාර්සලය අසලින් තැබීමි. 

"මොනවද දසිත් මේ උස්සන් ආවෙ?"

ඈ ඇසුවේ මදක් නුරුස්සන් ස්වරයෙනි.

"ඔයාට කවන්න කියල අක්ක දුන්න ලිස්ට් එක තමා"

"හ්ම්ම්"

"මොකෝ නිකම්? අප්සෙට් එකෙන් වගේ"

"මොකුත් නෑ"

මොකක් හෝ අවුලකි. මොකකට හෝ ඈ බයෙන් සිටිනවා විය හැක. 

තවත් මොහොතකින් කව්දෝ හෙදියක් මොකක්දෝ දෙයක් තබාගත් බන්දේසියක් රැගෙන පැමිණියාය. එහි තිබුනේ අලුත් කැනියුලාවකි. නෝසේ නම් එන්නත් විදීමේ පහසුව සදහා රෝගීන්ගේ රදවන උපකරණයකි. මළා!

ඔව්! දැන් මට හේතුව සිතාගත් හැක. දින තුනක් හෝ හතරකින් එම උපකරණ මාරු කෙරේ. උත්පලාගේ බියට හේතුව මෙයය.

"කෝ මල්ලි පොඩ්ඩක් අනිත් පැත්තට යන්න"

හෙදි සොයුරිය කීවාය. මම අනිත් පැත්තෙන් උත්පලාට ළං වීමි. උත්පලා මා දෙස බැලුවාය. පව්! 

හෙදිය ඇගේ අතෙහි වූ පැරණි උපකරනය ඉවත් කලාය. ඇත්තෙන්ම එය ඈට රිදෙන්නට ඇත. තවමත් යටි තොල සපාගෙන දෑස් පියා සිටිනෙ උත්පලා කෙරෙහි මගෙ සිතේ අනුකම්පාවක් හටගත්තේ නිතැනිණි. මම ඇගේ අතින් අල්ලා ගතිමි. ඈ දෑස් විවර කලාය. කදුලු බිදු දෙකක් ඇස් දෙකේ දග කරයි.
ඇගේ අත්ල මගේ අත්ල වටා ගියේය. ටිකෙන් ටික ඇගේ අත තද වනු මට දැනෙද්දී හෙදි සොයුරිය ඇගේ රාජකාරි අවසන් කොට පිටත් වූවාය. ඇගේ අතද සෙමින් ලිහිල්ව අතහැරිනි.

"උත්පලා"

"ම්ම්ම්ම්"

මම සුසුමක් හෙළීමි. 

"දැන් ඉක්මනට සනීප වෙන්න"

"හ්ම්ම්ම්"

"නැත්නම් ඔයා විදින දුක් ඔයිට වඩා අපිට දැනේවි"

ඇගේ කදුලු ප්‍රි දෙනෙත් මා දෙස යොමු විණි. 

"ඇයි ඒ?"

ඇගේ දගකාර හඩ මතුවනු ඇසී මම ඈ දෙස බැලීමි.

"මොකද මම ගොඩක් ඔයා ගැන දුක් වෙන හන්දා"

ඇය නැවතත් "ඒ මොකදැයි" නොඇසුවාය. 

"කියන්න, ඉක්මනට සනීප වෙනව නේද?"

"ඔයා කැමති එහෙමනම්, ම්ම්ම්ම්ම්ම් ඔව්! එහෙම වේවි!"

සුපුරුදු කෙළිලොල් හඩින් ඈ කීවාය. මොහොතකට කලින් කදුලු පිරී තිබූ ඇගේ දෑස සතුටින් ඉපිළෙමින් තිබුණි. අසාමාන්යය!

මතක තබා ගන්න යම් දිනක ඔබ නිසා යම් කෙල්ලකගේ දෑස් සතුටින් දිළිසේ නම් කවදා හෝ ඈ ඔබේම වන්නේය! 

--------------------------------------------------------------------------------
මම - 


-------------------------------------------------------------------------------------------------------------

"නෑ.... ඒ උඹේ ආදරේ......." ::: උත්පලා ::: ඈ ආදරයේ දෙවගන වූවාය :: [8 කොටස]



ඈ රෝහල්ගත කරන්නට තීරනය විය. කෙසේ වුවත් අප නිවසට පැමිණි වහාම අක්කා එය කරන්නට පියවර ගත්තාය. ඇගේ අම්මාත්, අපේ අම්මා සහ තාත්තාත් ඈ සමග ගිය නිසා අක්කාත් මමත් නිවසෙහි නැවතුනෙමු. පව්! මොනව කරන්නද ඉතින්,

"පව් මල්ලි. ඒ කෙල්ලට මොනව වෙලාද දන්නෙ නෑ"

"හ්ම්ම්ම්"

"බලනව එක්සෑම් ඉවර උනා විතරයි....."

"ඔව්..... "

"මොකෝ බන් පොඩි පොඩි උත්තර?"

"නෑ අක්කෙ මම කල්පනා කලෙත් එයාට මොකක් වෙලාද කියල තමා"

"අය්යූ නොමල් ලෙඩක් මල්ලි.... ඒත් ඒකි හරි දුර්වලයි. මූන දැක්කම පේනවනෙ ඒක"

"නෝමල් නම් අච්චර අමරුවක්?"

"ඒක නම් මම දන්නෙත් නෑ ඉතින්"

අක්කා නිහඩ වූවාය.

"අක්කෙ කොහේ ඇඩ්මිට් කලත් හෙට එන්න ඕන මා එක්ක එයාව බලන්න යන්න"

"හ්ම්ම් හ්ම්ම්"

අක්කා මා සමග යන්නට කැමටි වීමද ලොකු දෙයක් යැයි සිතූ මම කාමරයට ගොස් තිබුනු නවකතා පොතක් කියවන්නට වීමි. 

අම්මාත් තාත්තාත් මාගේ විභාග කටයුතු පිළිබදව විමසා සිටි අතර මම ඔවුන්ට සතුටුදායක පිළිතුරු ලබා දුන්නෙමි. ඇත්තෙන්ම සාමාන්ය පෙළ විභාගය සිතූ තරම් අමාරුවක් නැතිව මෙසේ අවසන් වීම මගේ අපමණ සැනසීමට හේතු විය. විභාගය අවසන් විමත් සමග තිබූ සතුට උත්පලා නිසා මගේ සිතින් ඈත්ව කොහේදෝ පියාඹා ගියාක් මෙන් විය. 

ඇයි මේ කෙල්ලෙක් හන්ද මම මේ තරම් හිතන්නෙ?
මම මගෙන්ම අසාගතිමි. දෙන්නට පිළිතුරු නැත. මගේ හිත පිලිතුරු නොදෙයි. හිත මොනව කරන්නද ? එයා මගෙ යාලුවා.......

නෑ.......... කව්දෝ කොනක ඉදන් කෑගසනවා මෙන් මට ඇසුනි. නෑ............. ඒ උඹේ අයිතිකාරි.......... තොට ඒක තේරුම් ගන්ඩ බැරිද ගල් මූසලයෝ!!!!!!!

යාලුවා

නෑ.... ඒ උඹේ ආදරේ.......

යාලුවා

නෑ..... තේරෙන්නෙ නැද්ද මෙච්චර කියලත්..

මම ඔලුවේ අතගසා ගතිමි. පිස්සු හැදීගෙන වත් එන්නේද? පිස්සු හැදුනම මේමද?

********************

පසුදින උදෑසන මා අවදි වන විට අම්මලා සිය රාජකාරි සදහා පිටත්ව ගොස් සිටියහ. මම හෙමින්ම ඇදෙන් නැගිට මූනකට සෝදා කුස්සියට ගියෙමි. අක්කා එහි වාඩි වී කුමක්දෝ කරමින් සිටියාය.

"මල්ලි ඔන්න තේ හදල ඇති"

"හ්ම්ම්ම්"

මේසය උඩ වසා තිබූ තේ එක තවමත් රස්නේය. සමහරවිට දැන් හදන්න ඇති. 

"මොකක්ද ඔය කරන්නෙ අක්කෙ?"

"මම මේ උත්පලාට ගෙනියන්න කෑම එකක් හදන්න හැදුවෙ, බෝංචි කරන්නත් අමාරුයි අප්පා. දෙනවකො පොඩි සපෝට් එකක්"

"කෝ දෙනව මන් කඩන්න"

"ශුහ්! උත්පලාට කිව්වම නං පැනල දෙයි සපෝට්..... හනේ කාලේ"

මම සිනහ වීමි. කිසිවක් නොපවසා යමක් බාරගෙන කරන පලමු වතාව මේ ලෙස ඉතිහාස ගත වන්නේය.

දහවල් එකොලහට අපි නිවසින් පිටත්වීමු. දොලහ වන විට රෝහලට යා ගත හැකි වනු ඇත. වැඩි කතාබහකින් තොරව අපි පාර දිගේ ඔහේ පියමනින අයුරු  අහසෙහි වලාකුලක් මෙන් පාවී මැකී ගියේය.

*************

"අම්මේ.... අම්මේ...."

දුබල කටහඩක් ඇසේ. හුරුපුරුදුය. 

"ඇයි දූ???"

"අම්මෙ මට මෙහෙ ඉන්න බෑ කම්මැලීනෙ"

"එහෙම බෑ දුවේ.... ඩොක්ට කීවෙ තව දවස් දෙක තුනක්වත් ඉන්න වේවි කියලනේ..... බලන්න ඔයා හරි දුර්වලයිලු"

ඔව්! ඒ උත්පලා සහ කාන්ති නැන්දාය. 
උත්පලා රෝහල් වාට්ටු ඇදේ දිගා වී සිටී. කාන්ති නැන්දා ඇගේ ඉහ ඉද්දර ඉදන් හිස පිරිමදියි.

"ඒත් ඉතින් මම කෝමද ඉන්නෙ........"

"කෝම හරි ඉන්න වෙනව හොද වෙනකම්.... ඔන්න බලන්න දන්නෙම නැතිව දොලහත් පහු වෙලා.... දූට බඩගිනිද?"

"නෑ අම්මෙ.... කන්න බෑ මොකුත්"

"එහෙම කියල හරියන් නෑ ඔන්න...... ලක්ශිකා ලමය ඔයාටත් එක්ක කෑම එකක් ගේන්නම් කීව"

"බලන්න මම හන්ද කරදර.... ඔයාට එයාලට"

"කට කට....... කරදරයක් උනාම මම ඇර වෙන කවුරු බලන්නද? ලක්ශිගෙ මල්ලි කිව්වෙ නැත්නම් මමවත් දන්නෙ නෑ ඔයා ලෙඩින් බව"

උත්පලා නිහඩ වූවාය. දෑස් ඇරගෙන සිටීමද ඈට අපහසුය. 

දසිත් මොනව කරනව ඇද්ද? 
ලක්ශිකා අක්ක එනවනම්ම්ම්ම්ම්ම්..........
එයත් ඒවිද?
නෑ....
දැනටමත් දවල්ට බඩ පැලෙනකල් කාල නිදි ඇති
නෑ......
යාලුවො එක්ක රස්තියාදුවෙ ගිහින් ඇති
නෑ.......
ශහ්! එයා දෙකයි තිහ ෆිල්ම් එක බලන්න යාවි
විභාගෙත් ඉවරනේ.......
ඔව්! ඔව්!
එයා ඇයි එන්නෙ මාව බලන්න.....

උත්පලාගෙ හිතට පුංචි දුකක් කොහෙන්දෝ මෝදු උනා. ඒ තරම් දැනුනෙත් නෑ. ඒත් අනේ මන්ද........ 

මොකෝ දසිත් ගැන මම කල්පනා කරන්නෙ මේ තරම්????
උත්පලාට එය සිතාගැනීමට නොහැකිය.
ඈට තබා ලියන සර්වබලදාරී මටත් ඔවුන් දෙදෙනාගේ සිතිවිලි ගැන හරි අවබෝදයක් නැත. තිබෙන්නට හැකියාවක්ද නැත. මන්ද මම තවමත් ගිහි හෙයි ඉන්නෙක් නිසාවෙනි...

****************

"දූ ඇස් අරින්න... නිදිද?"

උත්පලා හෙමිහිට දෑ විවර කලාය. ඈ හැරී සිටි පැත්තට වැටුනු කදුලු බිංදුවක් ඔලුව තියන් හිටපු පැත්තටම වැටුනද කිසිවකු හෝ එය දුටුවේ නැත.

හානේ..........!!!!! දසිත්!!!!

"අම්මේ....."
කතාකිරීමකට වඩා එය කෙදිරීමකි.

"බලන්න ලක්ශිකා අක්ක ඇවිත් දසිත් පුතා එක්ක"

උත්පලා සිනහ වූවාය.

මම ඈ දෙස බැලුවෙමි. අක්කාට කෙසේවෙතත් ඇගේ අම්මාට ව්ත් නොපෙනුනු ඇගේ කදුලු දකින්නට මම අවාසනාවන්ත වීමි. අක්කා උත්පලා ලගට ගොස් සිටියාය.

"දුවේ... පොඩ්ඩක් මෙයා එක්ක ඉන්නවද... මම කෑම කාල එනකම්"

ඇගේ අම්මා කීවේ අක්කාටය. අක්කා එකග වූ පසු කාන්ති නැන්දා දුබල සිනහවකින් මට සංග්‍රහ කොට එතැනින් නික්මුනාය. 

අක්කා උත්පලාට කවන්නට හදයි. 

"කන්නකො නංගි එක කටක්වත්....."

"අනේ බෑ අක්කෙ.... ආසාවක් නෑ"

අක්කා මා දෙස බැලුවාය. 
මම උත්පලා දෙස බැලීමි.
අක්කා පැවසූයේ ඇත්තය. මේ ටික දවසට බෝනික්කෙක් මෙන් සිටිය උත්පලා කෙට්ටු වී ගොසිනි. බොහෝ දුර්වලය.

"උත්පලා"

මම අක්කාට ඉදිරිපසින් ඈ ලගට ගියෙමි.

"ම්ම්ම්"

"කන්න ලමයෝ ටිකක්, බලන්න ඔයාගෙ හැටි"

උත්පලා මා දෙස බැලුවාය. 

"ඒයි ලක්ශි"

එකපාරටම කව්දෝ කෑගැසීය. ඒ කෙල්ලකි. අක්කාගේ යහලුවකු වන්නට ඇත. 

"මල්ලි පොඩ්ඩක් ඉන්න" කිවූ අක්කා ඇගේ මිතුරිය සිටි දෙසට අඩියට දෙකට ගියාය. කෝච්චිය ශීග්‍රගාමී නම්. එය මට නැවැත්විය නොහැක. වාට්ටුවම ඔවුන්ගේ කච කචය නරඹන්නට ඇත. නොමිලේ සර්කස්.....

උත්පලා මා දෙස බලාගත් ගමන්ය.

"කන්න"

"අනේ දසිත් කන්න බෑ...."

"මේ.... ඔයා නොකා ඉදියොත් කෝමද සනීප වෙන්නෙ"

"ඒ උනාට"

"කන්නම ඕන. අක්ක ඉව්වෙ ඔයාටමයි"

"අනේ.... බලන්න ඔයාලට මන් හන්ද තියෙන කරදරේ"

"ඔයා කන්නම ඕන, නැත්නම් මම කන්නෙත් නෑ"

"ඒ.??"

"වචනයක්වත් කියන්න එපා... දැන් කනවා"

උත්පලා මා දෙස බැලුවේ අමුතු සතකු දෙස බලන්නාක් මෙනි. ඇස් දෙකෙහි දීප්තිය අඩු වී තිබුනද මගේ වචන වලින් කලින් තිබූ දගකාර දීප්තිමත් දෑස් පෙර පරිදිම මොහොතකට නැවත් උදා වී ක්ශනයකින් නැති වී ගියේය. 

එහෙත් අපේක්ශිත ප්‍රතිපලය නම් ලැබුනි. උත්පලා හෙමිහිට ආහාර ගැනීම ඇරඹුවාය. එහෙත් ඒ විටින් විට මා දෙස බලමිනි. ඒ හැම මොහොතකම තවත් ටිකෙන් ටික ඈ මට ළං වෙන්නාක් මෙන් මට හැගුනි...............

කවුරු දනිත්ද? අනාගතය ලියාගත යුත්තේ අපිමය!!!!!

"අපේ ජීවිත කතාව අපිම ලියාගමු" 

කවුදෝ ප්‍රසිද්ද රසායන විද්යා ගුරුවරයකුගේ ආදර්ශ පාඨයක් මගේ දෑස මද ඇදී ගියේය.

-------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.......

ගොඩ දවසකින් ලිව්වේ. සමාවෙන්න
-------------------------------------------------------------------------------

මම -  ;

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [7 කොටස]



මෙපරිද්දෙන් ගෙවුනු තවත් අඩ මසක් අවසානයේ මටත් අන් අයට මෙන්ම අපොස සාමාන්ය පෙළ විභාගයට මුහුණ දීමට සිදු විය. විභාගය එතරම්ම අමාරුවක් නැතත් එහි ගුන අගුන කියා ඔබව වෙහෙසට පත් කිරීමට මම ඉදිරිපත් නොවෙමි. උත්පලා ඒ දිනවල සිටියේ මොකක්දෝ අමුතු ස්වභාවයකිනි. එහෙත් විභාගය අවසන් වූ දිනයේ ඈ තුලින් මෙම ඇල්මැරුණු ස්වභාවය වඩාත් විද්යාමාන විය. මුලදී මම සිතා උන්නේ ඒ ඇගේ විභාගය නිසා සිතේ ඇති වූ නොපහන් බවක් බවයි. එහෙත් ඈ විභාගය අවසානයේදීත් සිටි ඩෙස් එකටම ඔලුව තියාන උන් නිසා මම ඈ වෙත ගියෙමි. පව්! විබාගෙ හොදට කරන්න බැරි වෙන්න ඇති.

"උත්පලා"

ඈ අපහසුවෙන් මෙන් ඔලුව එසවූවාය. 

"ඕ දසිත්"

"ඇයි මේ? විබාගෙ ඉවර උනත් සතුටක් නෑ වගේ?"

"මට ටිකක් අමාරුයි දසිත්"

මම බිය වීමි.

"ඇයි උත්පලා මොකෝ අවුල?" 

"නෑ දසිත් දැන් දෙතුන් දවසක ඉදන්ම මගෙ ඔලුව රිදෙනව හරියට"

"ඉතින් බෙහෙත් ගත්තෙ නැද්ද?"

"ගත්ත! අඩුවක් නෑ.... මම අම්මට කිව්වෙත් නෑ අඩු නැතිය කියල.... දැන් නැගිට ගන්නවත් බැරි තරමට අමාරුයි"

"අපොයි පෙනඩෝල් දෙකක් ගෙනැත් දෙන්නද?"

"එපා බීවා"

"කාලද ඉන්නෙ?"

"නෑ දසිත් කන්න බෑ"

"එනව මෙහේ කන්න, කන්නෙ බොන්නෙ නැතුව ඉන්නකොට ලෙඩ වෙන එක අහන්න දෙයක්ද"

"අනේ එපා දසිත් කන්න බෑ වමනෙට එනවා"

"එහෙනම් එන්න ගෙදර යමු! මමත් එන්නම්, තනියම යන්න එපා"

"හ්ම්ම්ම් තෑන්ක්ස් දසිත්"

"ඈට ගෙනයෑමට එතරම් දෙයක් තිබුනේ නැත. ඇගේ ෆයිල් කවරයත් අනෙක් ආම්පන්නත් මම මගේ ගමන් මල්ලට ඔබා ගතිමි. ඈ හෙමිහිට නැගිට ඇවිදින්නට පටන් ගත්තාය. එහෙත් ඒ බොහෝ අපහසුවෙනි. 

"ඇයි ලමයෝ අමාරුව හංගන් හිටියේ.... අම්මටවත් කියන්න තිබුනනේ"

"බෑ දසිත් එයාට තවත් කරදර කරන්න බෑ නේ"

ඈ සිතන්නේ කෙතරම් වෙනස් විදියටද? සිය මව වෙනුවෙන් මෙතරම් වදවක කෙල්ලක් දුටුවාමය.

"අදම යන්න ආයෙමත් ඩොක්ට කෙනෙක් හම්බවෙන්න"

"නෑ දසිත් ඕන නෑ තව ටිකකින් ඕක ඇරිල යාවි"

"නෑ නෑ මම ඔයාලගෙ අම්මට කියනව, නැත්නම් ඔයාට නැගිට ගන්නවත් බැරි වේවි"

හදිස්සියේම ඈ වැටෙන්නට ගියාය, මම ඇගේ උරහිසින් අල්වා කෙලින් කලෙමි.

"ඔය බලනව ඔයා ගින්දර වගේ රත් වෙලා. හොදටම උණනෙ...... හ්ම්ම් හ්ම්ම් යමු යමු"

මට උත්පලා ගෙදර ඇරලන්නට යෑම නිසා අද විබාග අවසාන "ෆන්" එක ගන්නට නොහැකි විය. මම ඒ බවක් කල්පනා නොකල්ද උත්පලා ඒ ගැන විමසුවාය.

"අනේ දසිත් මන් හන්ද ඔයාට අද දවසෙ ෆන් එකත් නැති උනා නේද"

ඇගේ දුක්බර මුහුණ මා ඉදිරියේ වෙයි.

"ෆන් එක වගේද ලමයෝ ඔහෙගෙ ජීවිතේ?"

ඈ කිසිත් නොකියා බිම බලා ගත්තාය.

ඔයින් මෙයින් අප උත්පලාගේ නිවස අසලටම පැමිණ සිටියෙමු. එහෙත් ඇගේ අම්මා රාජකාරි සදහා පිටත් වූ බව මට මතක් වූයේ පසුවයි. 

"උත්පලා ගෙදර කවුරුත් නෑ නේ? එන්න අපේ ගෙදර යමු. අක්ක බලාවි ඔයාව"

"ඕන නෑ දසිත්, මම ඉන්නම් මට අවුලක් නෑ"

"මෙන්න මෙහෙ එනව, ඔඅලන්න ඔයාගෙ මූනෙ හැටි, හොදටම අසනීප පාටයි"

මම කෙසේ හෝ ඈ ඇදගෙන අපේ නිවසට ගියෙමි

---------------------------------------------------------------------------------