Sunday, June 29, 2014

සීත උණුහුම



රජ කෙරූ හිරු උදය අහසින් කලු වලාකුලු පිරී මැකුනා....

අකුණු පුපුරන මහ හඩක් මැද සීත වැහි බිදු බිමට වැටුනා....

සීත මදනල දණින් වැටි පසු නපුරු සුළගත් වටින් හැමුවා....

තනිකමක්දෝ පාලුවද මට දැනෙන්නේ මේ කොතෙක් සිතුනා....

මදහසක් විත් අදුර පළවා හරිනු ඇති යයි කියනු ඇසුනා...

සීතලෙන් උන් වෙළුනු හදවත උණුහුමින් යළි පණක් ලැබුවා....

ඈත හිද සෙනෙහස ලබන්නට වාසනාවත් මටයි හැගුනා....

යොදුන් ගව් සිය දුරට වූවත් ඔබේ උණුහුම සිතට වැදුනා....

තවත් ඈතට යන්නෙපා මා සිතේ හැගුමන් හඩින් ඇසුනා....

ඇසුණාද එය නෑසුනාදෝ තවත් ඔබ මට ළගයි දැනුනා....

Sunday, June 15, 2014

පූස් කවි Style



ඉරට මහන්සි දැනිල. ගෙදර ස්ලැබ් එකට ලස්සනට පේන එක එක ජාතියෙ ගස් අස්සෙන් පෙරිල මගෙ දෙපා මුලටම ඉර එලිය වැටිල. තැනින් තැන රත්තරන් පාටින් පාට කලා වාගෙ සුදු ගාපු බිත්තියටත් එලිය වැටිල. දවසම ලෝකෙ දිහා බලන් හිටියත් රෑට බැහැල ගිහින් උදේට අවදි වෙන්නෙ ලෝකෙට ඉර ඒ තරම් ආදරේද? තට්ට තනියම පුටුවක් උඩ වාඩි වෙලා තවත් පුටුවකම කකුල් දෙකත් තියාගෙන පාඩම් කරන වෙලාවට තමඉ මේ වගේ අමුතු සිතිවිලි ඇති වෙන්නෙ. පිස්සුවකුත් නෙවෙයි, ඔය වගේ හිතිවිලි හන්ද තමයි මම ලෝකෙට බරක් නොවී පොලොවෙ පය ගහල ජීවත් වෙන්නෙ.

පොතත් අතේ තියන් හීන මව මව ඉන්නව කියල ගොඩක් දෙනා කියාවි. මට බනීවි. මම වැරදි නෑ. පාඩම් කරල ඉවර වෙනකම් මම ඉන්නෙ පොතේ විතරයි. පහුගිය කාලෙ වෙච්ච ගොඩාක් දේවල් හන්ද මට එහෙම කරන්න පුලුවන් හරමෙ පාලනයක් තියනව. බොරු නෙවෙයි, රත්නපුර ටවුමෙ පොල අස්සෙ පුටුවක් තියප "පාඩම් කරපිය" කීවත් මට පාඩම් කරන්න පුලුවන්.

තනියම ඉන්න කොට, දැනෙන හැගීම නිදහසක්. ඒකෙ රසයක් සමහරුන්ට නම් නෑ. සමාජශීලීත්වය කරපින්නගෙන ඉන්න කවුරු කවුරුත් ලෝකෙ තමන්ව අතෑරපු දවසට ගොඩක් දුක් වෙනව, මානසිකව වගේම ශාරීරිකව වැටෙනව.මම දන්න තරමට තනිකම පුරුදු කරගත යුතු දෙයක්. ඒකෙ කිසිම පාඩුවක් නෑ. ඒත් සමාජශීලීත්වයත් තියෙන්නම ඕන කෙනෙක්ට ලෝකෙ ජීවත් වෙන්න.

තනියම ඉන්නකොට අනිවාර්යෙන්ම මද සුලගක් හමාගෙන එනව. තණකොල වල සුවද, පුංචි පුංචි මල් වල සුවද එකට එකතු වෙච්ච අපූරු අමුතු සුවදක් ඒ එක්ක එනවමයි. ඒ සුවද දැනුනම කවියක් හිතට ගලාගෙන එනව.

මුලින් එන්නෙ එක වචනයයි.
ඊට පස්සෙ ඒකෙ තේරුමට උදාහරණයයි.
ලෝකෙට කියන්න ඕන හිතේ තියන හැගීමයි.
මේ ඔක්කොම එකපාරටම මගෙ අතින් එකතු වෙනව.

මම කවියක් ලීවම ආපහු මමම ඒක කියවනව. මං දන්නව, මගේ ඇතුලාන්තෙ තියන ගොඩක් කතා දන්නෙ නැති කිසිම කෙනෙකුට ඒ කවිය තේරුම් ගන්න බෑ. මගෙ කවියක් කියවල තේරුම් ගන්න නම් මා ගැනත් අවබෝදයක් තියෙන්නම ඕන.



ස්ලැබ් එකේ කොට බිත්තිය උඩට එකපාරටම පූසෙක් පනිනව. උගෙ පුලුන් කොට්ට වගේ කකුල් හතර තැනින් තැන මාරු කර කර බැම්ම උඩින් ඇවිදිනව. ගෙදර කවුරු හරි දැක්කනම් ඌව එලවනව සත්තයි. බැම්මෙ මඩ ගෑවෙනව වගේ එක එක හේතු ඉදිරිපත් කරයි.

හෙමීට ඇවිදින ඌට මම කතා කරනව. මාව ගනන් නොගෙන ඇවිදිමින් උන්න එයා හැරිල මා දිහා බලනව. ඔව්, තාමත් බලන් ඉන්නව. මා ලගට ඒවිද? නැත්නම් ඔලුව වනල "මිව්" ගාල වලිගෙ වනාවිද?
අනාගතේ ගැන කවුරුත් දන්නෙ නෑ.



දවසක් වෙච්ච ඔන්න ඔය සිද්දියට මගෙ හිත පුංචි පද කීපයක් ගැලපුව. තේරුම ගැන මම වටහා ගත්තෙත් කවිය ආයෙම කියෙව්වට පස්සෙ.


නිසල දියට මා අතින්....
අතු කැබැල්ලක් වැටුනොතින්....

රත්ත්තරන් තටු වලට පණ දී....
ඉගිලී යාවි පේන මානෙන්....
හිත විතරක් නොවෙයි....
සතුට එහෙමත් අරගෙනම.....


ජපානෙ තියෙනවා කවි සම්ප්‍රදායක්, හයිකු කවි කියල. ආස කරන දේවල් අතරෙ එකක් ඒකත්. වචන දෙක තුනකින් පුදුමාකාර තේරුමක් දෙන්න පුලුවන්කමක් ඒවට තියනව. බලන්න මේ කවිය. තේරුම ඔයාට කමති විදියකින් හිතාගන්න. මේක නම් කරල තිබුනෙ "වැස්ස" "Rain" කියල,

Can you hear the drums
Angel's crying down God's love
Whisper forgiveness


මම වැඩ අතර පතරෙ කතාවක් ලියාගෙන යනව. මට ඒ අදහස ආවෙත් මේ වාගෙම හැන්දෑවක තමා. එදත් වෙනද නැති අමුතු ලස්සනකින් අහසම වැහිල තිබුන. ලගදිම ඉවර කරන්න අදහසක් නෑ, මොකද ඒ තරම් දේවල් හිතේ පොදි බැදිල තියෙනව ලියන්න.

ඒ කතාව ලියද්දි මම දැකපු එක දෙයක් තියෙනව. සමහරුන්න්ට මම කියලත් ඇති. මගේ අතින් ලියවුනාට කතාව මම ආපහු කියවන්නම ඕන. නැත්නම් කතාවෙ මොනව ලිව්වද කියල මට මතක නෑ. කෙටියෙන් කීවොත් කතාවෙ ලියල ඉවර උන කොටසෙ උනේ මොනවද කියන්න මම දන්නෙ නෑ ආපහු කියවල බලනකම්. 

ඒත් ඒකෙ අඩුපාඩුවක් එහෙම නම් කවදාවත් වෙනා නෑ. පහුගිය දවසක නම් අත්වැරැද්දක් උනා, ඒත් නොසලකන්න පුලුවන් එකක්. මට ඒ ගැන නම් තේරුම කරන්න බෑ. මොකදම් මට තේරෙන්නෙත් නෑ.

බලාපොරොත්තු වෙනව ඉදිරි දෙසැම්බර් මාසෙට කලින් ඒක ඉවර කරන්න. ඊට පස්සෙ මොකක් හරි කරමුකෝ. කට්ටියට බලන්න කියල බ්ලොග් එකේ වත් දාන්නම්.

කරුණාකරල දැන් කවුරු හරි කියනවද මම මේ තරම් වෙලා ලියල තියෙන්න මොනවද කියල?


පූස් Photo Creadits - Ravindu Ruwanga

Saturday, June 7, 2014

හිමි - අහිමි




හිමි වේද මට අහිමි වේවිද...

දන්නේ නැතිමුත් මා තවත්...

සිහිනයක් වෙයි ජීවිතේ මට...

ආදරය නැති උනොත් නම්...

තහනමක් නෑ පෙම් කරන්නට...

ඈත පිපුනත් ගව් ගණන්...



හිතින් වත් මං ළඟින් ඉන්නම්...

ඔබට වත් නො දැනෙන්න නම්...



යන්න කීවොත් යන්න වෙනවා...

හැරීමක් නෑ ආයෙමත්...



දන්නේ නෑ මේ කිසි කෙනෙක්...

මං වංක ගිරියක අතරමං.....





#Casper #Casper's_Love

Wednesday, June 4, 2014

අසනු මැන මගෙ රෝස කැකුලේ......



පිපෙන්නට හැකි වේවි ඔබට මතු දිනයක........


ළපටි පෙති දස අතට විහිදා.....


සැඩ සුළං හමා ඒවි, විසුරුවාගෙන හිම කැට.....


එහෙත් ඔබට පිපෙන්නට......


සත්තයි! වසන්තය අතළගයි........


බිගුන්, විහගුන් අයදීවි නමා දණ.....


පිපෙන්නට කල හරි කියා......


අසනු මැන මගෙ රෝස කැකුලේ......


එපා අකලට පිපෙන්නට නම්.....


ඔබේ රුව ගුණ සුවද හිම කැට.......


වගේ දියවී යාම නිසැකයි.....


සිහි තබනු මෙය පිපෙන්නට පෙර....


පිපෙන්නේ එක වාරයයි......


------------------------------------------------------------------------------------------------------


#කැස්පර් විසින් 2014 වර්ශයේ රත්නපුර සීවලී මධ්ය විද්යාලීය විද්යා දිනයට පළ කෙරුණු සමරු කළාපය සදහා ලියන ලද්දකි.


#Casper #Casper_Classics

Sunday, June 1, 2014

ආගන්තුක කිරිල්ලියක්....



නිසල දියට මා අතින්....

අතු කැබැල්ලක් වැටුනොතින්....


රත්ත්තරන් තටු වලට පණ දී....


ඉගිලී යාවි පේන මානෙන්....


හිත විතරක් නොවෙයි....


සතුට එහෙමත් අරගෙනම.....

#Casper #Hyku_Poems #Learning #Not_Perfect