Wednesday, June 4, 2014

අසනු මැන මගෙ රෝස කැකුලේ......



පිපෙන්නට හැකි වේවි ඔබට මතු දිනයක........


ළපටි පෙති දස අතට විහිදා.....


සැඩ සුළං හමා ඒවි, විසුරුවාගෙන හිම කැට.....


එහෙත් ඔබට පිපෙන්නට......


සත්තයි! වසන්තය අතළගයි........


බිගුන්, විහගුන් අයදීවි නමා දණ.....


පිපෙන්නට කල හරි කියා......


අසනු මැන මගෙ රෝස කැකුලේ......


එපා අකලට පිපෙන්නට නම්.....


ඔබේ රුව ගුණ සුවද හිම කැට.......


වගේ දියවී යාම නිසැකයි.....


සිහි තබනු මෙය පිපෙන්නට පෙර....


පිපෙන්නේ එක වාරයයි......


------------------------------------------------------------------------------------------------------


#කැස්පර් විසින් 2014 වර්ශයේ රත්නපුර සීවලී මධ්ය විද්යාලීය විද්යා දිනයට පළ කෙරුණු සමරු කළාපය සදහා ලියන ලද්දකි.


#Casper #Casper_Classics

6 comments:


  1. ලස්සනයි කවිය ගොඩක්,,,
    නමුත් අපේ රටේ තියෙන මහලොකු සංස්කෘතිය නිසා තමයි මල් කැකුළු වලට ඔය සේරම ,

    //එපා අකලට පිපෙන්නට නම්.....

    ඔබේ රුව ගුණ සුවද හිම කැට.......

    වගේ දියවී යාම නිසැකයි.....
    //

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඔමා අක්කේ :)
      ඒව ඉතින් අපිට වෙනස් කරන්න බෑ නේ! තෑන්ක්ස් කොමෙන්ට් එකට

      Delete
  2. //අසනු මැන මගෙ රෝස කැකුලේ......

    එපා අකලට පිපෙන්නට නම්..... //
    මේක නම් කියන්න ඕනි කෙනෙක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතිං! කීවට වැඩක් නෑ නේ එයාලට

      Delete
  3. කැස්පර් ඔන්න මාත් ආවෝ.......

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බස්සියූ :* :D

      Delete